මුලත් මතකනම්
අගත් මතක නම්
මැද ඇයි මෙතරම්
අරුමේ
අගත් මතක නම්
මැද ඇයි මෙතරම්
අරුමේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරෙයි කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරෙයි කියා තිබේසාගර වෙරළේ සොඳුරු සැන්දෑවකරඟහල කෙළෙවර අඳුරු නිමේෂෙකඅද ඔබ ළඟ ඔබ සනසාලන ඇයපෙර දවසක මා තුරුලට වී හිඳමටද ආදරේ කියා තිබේඔබ පෙම් කරනා ඔබේ කුමාරිමටද ආදරේ කියා තිබේසක්මන් මලුවක දෙපා ගෙවෙද්දීදොඩමලු පෙම් බස් ගොලුවී යද්දීමා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇයසනහස සඟවා දෙනෙත නුරාවෙන්මටද ආදරෙයි කියා තිබේ
මගේ ඇඟේ රෝම කූප මෙව්වා වෙනවා වගේ දැනුණි, ඇඟ කිලි පොලාගෙන පොලා..ගෙන පොලා.......ගෙන එනවා වගේ දැනුණි, "මේ මගේ අල්ලපු ඇඳේ එකා නේද?" හැඟීම මට දැනෙනෙනට විය. මගේ ලොඹු ඩැහැගැන්වීගෙන ආවේ නිරායාසයෙනි. බඩේ කැක්කුම කොහෙන ගියාද නැත වගේ දැනුණි. මගේ පවුලේ අය සිහිවුණි, මා කට පරිස්සම් කර ගත යුතුය, නැත්නම් මටත් මේකාගෙන් අරෝවක් වේය යන හැඟීම නිතැනින්ම මහේ සිතේ හොල්මන් කොරන්නට විය, මාගේ සුව නින්ද බිඳිනා ඒ නපුරු සිහිනටය වාරියපොළ අක්කාත්, වාරියපොළ අයියාත්, අයියාගේ අයියාත් එතැයි සිතුන නිසා නින්දට පෙර පන්සිල් ගෙන, මෛත්‍රී භාවනාව කර දෙවියන්ටයි මළගිය නෑදෑයින්ටයි පින් දිය යුතුය යන සිතිවිල්ල මගේ සිතේ පහළ විය.
මගේ කල්පනාව ඒ හෙද නිලධාරියාගේ හඬින් බිදුණි, මා සමඟ කතා කරමින් සිටි තරුණයා දැන් එහි නැත. "මමත් කාගෙන්වත් LBW ඉල්ලන්නේ නැතැයි" සිතිවිල්ලෙන් ඇඳේ ඇල වී කියවමින් සිටි ආර්.ඇල් ස්පිටල් මහතාගේ "වණ සරණ" වෙත දැහැන්ගත වීමි.