Tuesday, November 4, 2014

නුඹ සිල් අරන්

නුඹ සිල් අරන්
පාණාත්පාතා.....
කුරා කූඹියෙකුට කරදර නොකල නුඹ
අදින්නදානා.....
සිතට හොරා කිසිත් නොකල නුඹ
කාමේසු මිච්චාචාරා....
අවිවාදයි! පතිනියකි නුඹ
මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්ප්‍රප්පලාපා......
මේවායින් කප් ගසා ඇති නුඹ
සමාවන්න, මට "රවැදුනා"
නැත!
නැන්දේ, නුඹ සිල් අරන් නැත
සිල් රෙද්ද පෙරෙව්වා පමණි


-ක්වොන්ටීකරණය වූ ජීවිත-

ප.ලි. -
මෙය මා පසුගිය සතියේ මහමගදී දුටු, කන වැකුන සිද්දියකි. අහක යන තොප්පි දා ගැනීමෙන් වළකින්න  



No comments:

Post a Comment