Sunday, October 5, 2014

වතුර

ජෝ, බෝ ඔව් අපි පටන් ගත්තෙ එහෙමයි.
පස්සේ ටික කාලයක් යද්දි වතුර කියන්ඩ පුරුදු උනා
තවත් පස්සෙ ලිඛිත භාෂාවෙන් ජලය කිව්වා
අඹ, පැන්, වාරි, උදක ඔහොම සමාන වචනත් ඉගෙන ගත්තා
ඔහොම කාලෙ ගෙවිල ගියා
අපි ජලය හැදුන හැටි ඉගෙන ගත්තා
මේ හයිඩ්‍රිජන් අණු දෙකකයි ඔක්සිජන් අනුවකයි හපන්කමක් කියලා තේරුනේ ඊට පස්සෙ, ඔව් ඔව් ඩියුටීරිමුත් හයිඩ්‍රිජන් එක්ක කලවමෙ ඉන්නවලු.
තවත් පස්සේ ජලයේ ත්‍රික ලක්ෂය, ව්‍යුහය, හැඩය, ප්‍රතික්‍රියා,
හඩ්‍රිජන් බන්ධන වල ප්‍රබලතාවෙත් ඉගෙන ගත්තා කියමුකෝ...
ආ...... තව ජලයේ අයණීකරනයත් ඉගෙන ගත්තා, තව මොනා ඉස්සරහට ඉගෙනගනීද? 
"අම්මේ මට ජෝ ඕනා...."
බස් එකෙ පිටිපස්සෙ සීට් එකේ හිටපු පොඩි එකා එයගෙ අම්මගෙන් වතුර ඉල්ලුවා..
අම්මෙ!!! මේ ටිකට මගෙ හිත ගිය දුරක්...


-ක්වොන්ටීකරණය වූ ජීවිත-







No comments:

Post a Comment