Monday, August 25, 2014

සරුංගලේ.





අයියේ සරුංගලයක් හදල දෙන්ඩකෝ
*හෙට හවස එනවද මලයෝ, මම අද හවස ගෙදර නෑ


මූ හවස කෙසේ වෙතත් පහුවදා උදේ පාන්දර කුකුළත් අතින් අරන් අපේ දොරකඩ.


*ඉරටු වලින් ද, කිතුල් කෝටු වලින්ද, තල් ඉරටෙන්ද ඕනෙ.......
ඇ........ ඒවගෙනුත් හදනවද? මම හිතුවෙ ඉරටු වලින් විතරයි පුලුවන් කියල.


මේ අස්සේ තල් කිතුල් හොයන්ඩ බැරි හින්දා ඉරටු වලින් වැඩේ පටන් ගත්තා... කොරගෙන යන ගමන් මම ඇහුවා


*අද class  නැද්ද?
නෑ 


*කොහොමද දැන් වැඩ එහෙම, කීය වසරෙද දැන්
නමයෙ


*අපොයි නමයේ ඉඳලද මේ මට කියල සරුංගල් හදා ගන්නේ
හදන්ඩ දන්නෑ අප්පා........


 *හා හා... ඔන්න පට්ටම නම් හදල ඉවරයි, සව් කොළ අලවලාම තමයි කූරියා ගහනවද බලන්ඩ වෙන්නේ.....
කූරියා ගහනව කිව්වේ?


*සරුංගලේ බැලන්ස් එක නැති වෙනවා වගේ සීන් එකක් සරලව හිතා ගන්ඩකෝ, මේ හදිස්සියේ මොකටද සරුංගල්?
අපේ චූටි මල්ලිගේ මොට්ටසෝරියට, කඩෙන් ගත්ත ඒවා ගේන්ඩ එපා කිව්වලු


*මොකද දැන් ඉතින් නිමාඩු කාලේ කරන්නේ
ගේම් ගහනවා තමයි අයියේ


*ඒමද? මටත් ගේම් ටිකක් හොයගන්ඩ ඔනා බන් හොඳ, COD Ghost ගැහුවද?
අප්පේ ඒක ආපු කාලෙමයි ගැහුවේ


*System Requirments කොහොමද ඕනා?
Recommended නම් 8GB RAM, 64 bit, VGA GTX 660 ඇති වෙයි
(මූ කියාගෙන කියාගෙන යයි, පස්සේ ගේම් එක ගැන කියවයි, අරවා තියෙනවා, මේවා තියෙනවා, අර Mission  එක මෙහෙමයි, මේ Mission එක මෙහෙමයි, මට ඉතින් අහපු මෝඩකම කියලා හිතුනා)


*ආ මෙන්න සරුංගලේ, අරන් යන්ඩ, අලවන හැටි අපේ මලයගෙන් අහගන්ඩ තනියන බැරි උනොත්
ටැංකිව් අයියේ.....
මම ගියා..



පසුවදන: මම මුලින්ම තනියම සරුංගලයක් හැදුවේ 2 වසරේ ඉද්දීය. දැන් ඉන්න උන් කූරියා ගහන බවක් ලාවට ලාවට පෙනෙයි, ඉතිරිය සිතීම ඔබට බාරයි

අපිත් හරියට සරුංගල් වගේ


සරුංගලේ වරල් සැලේ 

නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට 
යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි

සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි

සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි

ගායනය - විශාරද නන්දා මාලිනී

පද රචනය - සුනිල් ආරියරත්න









No comments:

Post a Comment