Wednesday, November 5, 2014

මෙරු

සිතුවත් ඔබ ඒ අයුරු
විය නොහැක බලිතරු
තටු ආ මෙරු
එයි පහනට පොකුරු පොකුරු
හූනන්ට, ගෙම්බන්ට මරු
බඩ පිරෙන තුරු
රැඳෙයි ළඟ නිරතුරු
බිඳිත් සීමා පවුරු
විසි වෙන ගිනි පුපුරු
පසක් කරලයි දිවිය රුදුරු
දිවි රැකගත් ළබැඳි මෙරු
සිඳෙයි නුඹ තටු රුසිරු
ලෙසින් පිදුරු
අහෝ! ලෝකය නපුරු
නුඹට ගණින්නට වෙයි තරු
මේ සියල්ල ජීවත් වෙන තුරු
විසුණු වී යයි, ලෙසින් වීදුරු


-ක්වොන්ටීකරණය වූ ජීවිත-





No comments:

Post a Comment