Sunday, October 19, 2014

ජීවිතයට රසායනය

ජීවිතයට රසායනය; 
බොහෝ විට වඩාත් අපහසු වන්නේ ආකලන ප්‍රතික්‍රියවයි, ආදේශ ප්‍රතික්‍රියාව පහසුය. ආදේශ වීමේ ශ්‍රීග්‍රතාවයට, ප්‍රධාන පරමාණුවත් ආකලිත පරමාණුව්ත් අතර බන්ධනයේ ප්‍රබලතාවය බලපායි. ප්‍රබල බන්ධනයක් තිබුන්ද, ආදේශ වීමට පැමිණි පරමාණුවට ප්‍රධාන පරමාණුව දක්වන සක්‍රීයතාව මත අදේශය සිදු වීමට ඉඩ ඇත.

බොහෝ විට සිදුවන්නේ ආකලිත පරමාණුවත්, ප්‍රධාන පරමාණුවත් අතර බන්ධනයට නව පරමාණුව විසින් පහර දී, දුර්වල කර, ප්‍රධාන පරමාණුව තමා දෙසට සක්‍රීය කරගැනීමයි. (මෙය ඉතා සූක්ෂමව සිදුවන ක්‍රියාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.) පසුව මුල් ආකලිත පරමාණුව සමඟ තිබූ බන්ධනය ප්‍රධාන පරමාණුව විසින් බිඳ දමා නව පරමාණුව සමඟ බන්ධනයක් ඇතිකරගනී.

තේරුනාද මන්දා 

එතකොට ඉවත් වෙන පරමාණුව මෙහෙම කියනවලු නව ආදේශිත පරමාණුවට



ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරෙයි කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරෙයි කියා තිබේ
 
සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක 
රඟහල කෙළෙවර අඳුරු නිමේෂෙක 
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය 
පෙර දවසක මා තුරුලට වී හිඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි 
මටද ආදරේ කියා තිබේ

සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී
දොඩමලු පෙම් බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන් 

මටද ආදරෙයි කියා තිබේ


  




No comments:

Post a Comment