"හානේ සෝ සුවීට් අනේ, කවදා කැප්චර් කරපු පික් එකක් ද? කියූට්, සෝ ලව්ලි මයි ඩියර්"
"ලාස්ට් වීක් එකේ පුතගේ කොන්සට් තිබ්බා, එදා තමයි පික් එක කැප්චර් කරේ, ඒත් මම ඩ්‍රෙස් කරන්න හිටියේ නෝමල් එකේ ට්‍රවුසර් එකයි ටී එකකුයි"
හුටාය, මට දැන් මගේ කණට වෙන්න යන සන්තෑසිය ලාවට වගේ මෙව්වා වෙයි. තව කිලෝමීටර 5ක දුරක් යා යුතුය. ඔන්න ඔහෙ ඕන මසල වඩෙයක් කියලා කණට වඳින ගාථාව එහෙම කියලා සූදානම් උනා ඉතිරි දුර ගෙවන්ඩ.
"නෑ මෙයා, ඔයා ඔසරියට සෝ කියුට්."
"ඊස් දැට් සෝ, තැන්ක්ස් අනේ. ඒ උනාට ඔසරිය මාර පස්පයරින් අප්පා. මම නම් කැමතිම නෑ ඒක අඳින්න, අනික ටවුන් හෝල් එක එයාර් කන්ඩිශන් නෙමේනේ."
පිටිපස්සේ සීට් එකෙන් ඇහෙන මේ සංවාදය නිසා මට මේ ගොඩ සුද්දියන්ගේ මූණ බලන්ඩ ආසාවකුත් ආවා ඉතින්, බහිද්දි බලනවා, දැන් ඕක කරන්ඩ ගිහින් ඇදගෙන නාගන්ඩ ඕනේ නෑනේ කියලා ජනේලයෙන් ඈත බලාගෙන එන්ඩ ආවා.
"දැට්ස් ටෲ, ඒක නෙමේ ඉතින් පුතා හොදට පෆොම් කලාද අයිටම්ස් වල?"
"වයි නොට් හී ඊස් සෝ ටැලන්ටඩ් ඇට් බෝත් සිඟින් ඇන්ඩ් ඩාන්සින්, හී ඩිඩ් දැට් රියලි වෙල් අනේ, අයිම් සෝ ප්‍රවුඩ් ඔෆ් හිම්."
මටත් ඉතින් ලාවට කඩු හරඹ පුලුවන්ය. දන්න ශිල්ප දාලා විච්චේදනය කරලා සමච්චේදනය කරලා එහෙම, මැයගේ පුතන්ඩියාට සින්දු කියන්ඩත් නටන්නත් පුලුවන් බවත්, මැයට පුතණ්ඩියා ගැන ආඩම්බර බවත් තේරුම් ගන්ඩ පුලුවන් වීම ගැන ඉතින් අහිංසක සතුටක් භුක්ති වින්දෙමි.
"ඉතින් පුතා අයිටම් කීයකට පාටිසිපේට් කරාද මෙයා?"
"ඔන්ලි ටූ අනේ, සෝ සෑඩ් එබවුට් මයි පුවර් බොයි, හී ඊස් ද බෙස්ට් අමංග් ඕල් අදස්. එයාට ටැලන්ට් එකේ හැටියට ප්ලේස් එකක් හම්බුනේ නෑ, ෆේවරේශන් තමයි ඉතින්"
"ආ.......ඒ ඇයි?"
"බලන්ඩකො අනේ, මොන්ටිසෝරිය බාර ගෑනි පිදේනි තට්ටුවට යට වෙලා අපේ ලමයව කපලා මෙලෝ සින්දුවක් තියා තාලෙට අප්පුඩියක් ගහගන්ඩ බැරි කොල්ලෙක්ව මුදුනා කරගෙන හිටියෙ, වෙන මොකුත් නෙමේ ඒ කොල්ලගෙ අම්මන්ඩි මේ ගෑනිට තෑගි දෙනවා, අනිත් ළමයි ගැන කේලම් කියනවා, ගතු කියනවා, ඒ මදිවට එදා ඇවිත් හිටියෙ කිසි දෙයක් නොදන්න හීමිජ්ජි වගේ, මට නම් තූ කියලා හිතුනා"
ආ.... ඔය අවේ බූරු හම පොරවගත්ත කොටලුවා එලියට, බහින තැනත් ලං වෙලා. ආයේ මොකට මූණ බලන්ඩද, බැල් එක ඔබලා බස් එක හිටෙව්වහම බැස්සා.
ප.ලි : මටත් ඉතින් ඉංග්‍රීසියෙන් බඩ යන යාලුවොවෝ ඉන්නවා, සමහරු නම් ඉතින් වෙනස් උනේ එයාලගෙ ගෑල්ලමයි "පොශ්" හින්දා එයලාට ගැළපෙන්නලුනේ. (දන්නෝ දනිති ) ජයලාල් රෝහණ මහත්තයා තමයි මේකට නියම වචනේ කිව්වේ, "අමු ගොන්කම". ඒ වගේම අපේ දොඩම්පහල රාහුල හාමුදුරුව්වෝ දවසක් බණක දේශනා කරා "ඔය මමියෝ පපියෝ කියල උඩ පනින හැමෝටම බිම වැටුන දාට කියවෙන්නේ බුදු අම්මෝ කියලා" ලු.
kathawa nam maru :D
ReplyDeleteටැංකුයි ඇමීගෝ
Deletemaru kathawa dilina (Y)
ReplyDeleteටැංකුයි පැන්ඩි
Delete