Saturday, March 21, 2015

ජාතික ගීය හා භාෂාව

සිංහල ඔබ දමිළ ජාතික ගීය ගයන ගමන් තේරුම් ගැනීමට උත්සහා කර තිබේද? ඔබට එහි "ශ්‍රී ලංකා මාතා, නමෝ නමෝ මාතා" යන්නට වැඩි යමක් වැටහේද? සිංහල ජාතික ගීය ගයනවා තරම් දේශප්‍රේමී සිතුවිලි ඉස්මතු වේද? සරලව කිව්වොත් සංගීතටය විනා පද වැලේ අරුතට ඔබේ රෝමකූප උත්තේජනය වේද? නැත. දමිළ ජාතිකයන්ටද සිංහල ජාතික ගීය දැනෙන්නේද එසේමැයි. දමිළ බසින් ජාතික ගීය ගැයීමට ඉද දීම ජාතික සංහිඳියාවට තබන ඉදිරි පියවරක් යන්න මගේ මතයයි. නමුත් මෙහි යම් යම් සීමා පැනවිය යුතුය යන මතයේද මා සිටිමි. මන්ද ශ්‍රි ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාවයි. දමිළ දෙවන භාෂාවයි. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මෙම භාෂා ද්විත්වයෙන් සන්නිවේදනය කල හැක. මෙම භාෂා ද්විත්වයෙන් විනා අරාබි, උර්දු භාෂා වලින් ජාතික ගීය ගැයීම අවශ්‍ය නැත. එයට සීමා පැනවිය යුතුය.
ඉන්දියාව උපුටා දක්වමින් බොහෝ අය ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාමාර්ගය විවේචනය කරයි. නමුත් ඔබ දන්නවාද නේරු පාලනය ඇතිකල ත්‍රෛයි භාෂා ප්‍රතිපත්තියේ ඇති දූරදර්ශී භාවය නිසා අද බහුතර ඉන්දියානුවන්ට භාෂා තුනක් හැසිරවීමේ හැකියාව ඇත. එනම් තමන්ගේ මව් භාෂාව, ඉන්දියාවේ බහුතරය භාවිතා කරන භාෂාව ( හින්දි ) හා සම්බන්ධීකරන භාෂාවක් ලෙස ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයයි. මේ නිසා හින්දියෙන් ජාතික ගීය ගායනා කිරීමට හැමෝටම හැකිය. ඉන්දියාවේ භාවිතා වන්නේ භාෂා 3ක් පමණද යන්න ඔබ ප්‍රශ්න කරාවි. නමුත් අධ්‍යාපන මට්ටම, දැනුම බෙදීයාම, සාක්ෂරතා මට්ටම පදනම් කරගෙන ඉහත ප්‍රතිපත්තිය සැකසුවා විය හැක.
Rainbow Nation ලෙසින් හඳුන්වන දකුණු අප්‍රිකාවේ රාජ්‍ය භාෂා 11කි. එහි ජාතික ගීය භාෂා 5කින් ගැයෙයි. දකුණු අප්‍රිකාවේ ජාතික සංහිඳියාව පිළිඹඳ ගැටලු තිබේද, නැත. ජාතියකට තමාගේ දේශයට ගෞරව කිරීමට භාෂාව වැදගත් නැත. වැදගත් වන්නේ ආකල්පයයි. ආකල්ප ගොඩනැගීමට අන්‍යෙයොනය අවබෝධය හා සමානාත්මතාවය ගොඩනැගිය යුතුය. ජාතික ගීය දමිළ බසින් ගැයීමට අවකාශය ලබා දීම එහි ඉදිරි පියවරක් ලෙස සැළකිය හැකිය.
මේ පොඩ්ඩන්ට තේරෙන ඔවුන්ගේ භාෂාවක් ඇත. තේරෙන බසින් ජාතික ගීය ගැයීම හා නොතේරෙන බසකින් ජාතික ගීය ගැයීමෙන් තමාට දැනෙන හැඟීම අහසට පොළොව සේය. මේ පොඩ්ඩන්ට ජාතික ගීය ගැයීමේදී අංග චලන කිරීම මගින් ජාතික ගීතයට අගෞරව කලා යැයි යමෙකුට චෝදනා කල හැක. නමුත් එය ඔවුන්ගේ භාෂාවයි.

- දිලින බණ්ඩාර -





No comments:

Post a Comment