මුලත් මතකනම්
අගත් මතක නම්
මැද ඇයි මෙතරම්
අරුමේ
දන්න කියනවුන්
එකට කාපු උන්
ප්‍රේම කරපු උන්
මැකුනිද සිහියෙන්
ඔහු හා ඔබ
ඇවිදින ඔබ මොබ
පෙරට ඇදෙන සග
නොදුටිද නෙතගට
කෝ නුඹෙ කතාව
කෝ නුඹෙ සිනාව
මා හට ගෙනාව
ප්‍රේමය මනාව
එකට හිටපු මිතුරන්නේ
නුඹමයි මගහැර යන්නේ
ලැජ්ජද හිතට දැනෙන්නේ
අවුලක් නැහ්!
නුඹෙ නිදහසනේ
-ක්වොන්ටීකරණය වූ ජීවිත-
- දිලින බණ්ඩාර -